උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි ඉරේට්පේරිකුලම් සිංහල ගම්මානය ඇතුළු තවත් ගම්මාන 4ක් සඳහා පීඩාවට පත්වූ පවුල් වෙත අත්‍යවශ්‍ය වියලි ආහාර පර්සල් ලබා දීමේ විශේෂ මානවීය සහන වැඩසටහනක් සිසු සෙවණ සංවිධානය විසින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන පවුල්වල දෛනික ආහාර අවශ්‍යතා තාවකාලිකව හෝ සපුරාලීමට සහය වීමයි.
මෙම සත්කාර වැඩසටහන සඳහා වව්නියාව දකුණ ප්‍රදේශීය ලේකම්තුමා සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය හිමි වූ අතර, සිසු සෙවණ සංවිධානය සමඟ එක්ව සමාජ වගකීම ඉටු කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංවිධාන කණ්ඩායමද මූල්‍ය සහ සම්පත් දායකත්වය ලබා දුන්නේය.
රාජ්‍ය හා පෞද්ගලික අංශ එකමුතුවෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන හරහා අසරණ පවුල්වල ජීවිතයට කාලෝචිත සහනයක් ලබා දීමට හැකි වූ අතර, ප්‍රජා එකමුතුව ශක්තිමත් කිරීම සහ මානවීය සංවේදීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහාද වැදගත් දායකත්වයක් හිමි විය. සමාජයේ අත්‍යවශ්‍ය අවස්ථාවල ජනතාව සමඟ එක්ව සිටීමේ සිසු සෙවණ සංවිානයේ කැපවීම මෙම සත්කාරය හරහා පැහැදිලිව ප්‍රකාශ විය.


















