දිට්ටා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වයට පත්වූ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි මඩු සිංහල ගම්මානයේ ජනතාව වෙනුවෙන් විශේෂ මානවීය සහන වැඩසටහන

2025 දෙසැම්බර් මස 5 වන දින දිට්ටා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වයට පත්වූ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි මඩු සිංහල ගම්මානයේ ජනතාව වෙනුවෙන් විශේෂ මානවීය සහන වැඩසටහනක් සිසු සෙවණ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වියලි ආහාර පර්සල් පීඩාවට පත්වූ පවුල් වෙත කාලෝචිත ලෙස ලබා දීමට සංවිධානය මූලිකත්වය ගත්තේය.

ආපදා තත්ත්වය හමුවේ දෛනික ජීවිතය බිඳවැටුණු පවුල්වල මූලික ආහාර අවශ්‍යතා සපුරාලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ අතර, ප්‍රදේශයේ ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයෙන් කටයුතු කරමින් සහන කටයුතු සාධාරණ හා ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක කරන ලදී.

මෙම මානවීය සත්කාරය හරහා ආපදා හමුවේ පීඩාවට පත්වූ ජනතාවට ශක්තියක් ලබා දීමටත්, ප්‍රජා එකමුතුව සහ සමාජ සංවේදීත්වය ශක්තිමත් කිරීමටත් සිසු සෙවණ සංවිධානයට හැකි විය. සමාජ වගකීමෙන් ක්‍රියා කරමින් අසරණයන් සමඟ සිටින සංවිධානයක් ලෙස සිසු සෙවණ සංවිධානයේ කැපවීම මෙම වැඩසටහන හරහා පැහැදිලිව පෙනී ගියේය.

About the Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like these