2019 ජූලි මාසයේදී උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි ගාමිණී මහා ජාතික පාසලේදී පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයන් සඳහා විශේෂ අධ්‍යාපන වැඩමුළුවක් අප විසින් සාර්ථක ලෙස සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව තුළ ශිෂ්‍යයන්ගේ දැනුම, කුසලතා සහ විභාගයට මුහුණ දීමේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ ලෙස ගත්හ.
මෙම වැඩමුළුව සඳහා අත්දැකීම් සහිත ගුරුවරුන්ගේ සහයෝගයෙන් ගණිතය, සිංහල භාෂාව සහ පරිසරය යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විභාගයට අත්‍යවශ්‍ය පාඩම්, ප්‍රශ්න පත්‍ර පුහුණුව සහ කාල කළමනාකරණ උපදෙස් ලබා දෙන ලදී.
උතුරු පළාතේ අධ්‍යාපන අවස්ථා සීමිත ප්‍රදේශවල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන සහය ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින්, දරුවන්ගේ අනාගත අධ්‍යාපන ගමන ශක්තිමත් කිරීමට අපගේ කණ්ඩායම කැපවීමෙන් කටයුතු කළේය. මෙම වැඩමුළුව හරහා දරුවන්ගේ උනන්දුව, ආත්ම විශ්වාසය සහ ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට අපට හැකි විය.


